මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවෙක් මිය යයි.

මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කිරීමෙන් පසු මාතර බන්ධනාගාරයේ රැඳවූවෙක් මියගොස් ඇති බව වාර්තා වේ. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙනින්ජයිටිස් රෝගයෙන් මාතර බන්ධනාගාරයේ සිදුවූ දෙවන මරණය මෙයයි.

පසුගියදා මාතර බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු රෝගාතුර වීමත් සමඟ දැඩි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!