මහජන ආරක්ෂාවට ජනාධිපති හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් සන්නද්ධ හමුදාව කැඳවීමට නියෝග කර ඇති බව කථා නායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදි ඔහු මේ බව පැවසූ අතර ව්‍යවස්ථාවේ හතළිස්වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස්වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බව කතානායකවරයා වැඩි දුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!