මල්වතුහිරිපිටියේදී වෙඩි වැදුණු සැරයන්වරයා ජීවිතක්ෂයට.

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පොලිස් සැරයන්වරයා ඊයේ (11) රාතියේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කල 51 හැවිරිදි ලුනුගල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!