”මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි… සනත් නිශාන්ත”

කිසිවකුන්ගෙන් ගුටිකා තමන් රෝහලේ ඉන්නේ නැති බවත් ගහලා හිරේ යන බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සඳහන් කරයි.

පුත්තලම දළුව ප්‍රදේශයේදී සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමට යාමේදී ජනතා විරෝධය හමුවේ ආපසු හැරී ගිය යැයි පළවූ වාර්තා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය .

“ලෝක බැංකු ආධාර ව්‍යාපෘති නතරකිරීමට අරමුණු වුණේ මොකක්ද කියලා මම නිලධාරීන්ගෙන් ඇහුවා. කාපට් කරන කොටස පිළිබඳ වූ සාකච්ඡාවට ජවිපෙට සම්බන්ධ පිරිසක් ඇවිත් වෙනත් පාරක බෝක්කුවක් හදන්න කියලා. ඕක තමයි උනේ මාව එලවනවාද නැද්ද කියලා බලන්න මම එතනට ගියේ නැහැ… එය සම්පූර්ණ බොරුවක්.

චණ්ඩි එලෙව්වාට අපි බයේ හැරිලා එන්නේ නැහැ. මම ගුටි කාලා එන්නේ නැහැ… ගහලා හිරේ යනවා. මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි… මම සනත් නිශාන්ත මිසක් වෙන කවුරුත් නෙවෙයි.” ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!