මනූෂ සහ හරීන්ගේ පත්සම් විභාගයේ තීන්දුව කල් යයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීති විරෝධී බැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අද අවසන් විය. එහෙත් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින ශ්‍රේෂ්ඨාධිකරණය වීසින් දින නියමයක් නොමැතිව අද (23) කල් තැබුවේය.

අද නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් නැවත කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ, සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත පැවරී තිබෙන බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ අතර මෙම එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබූවේය .

විජිත් මලල්ගොඩ, අචල වංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!