මධ්‍ය කඳුකරයෙන් 50% නාය යනවා.

ශ්‍රීලංකාවේ මධ්‍යම කඳුකරයේ සමස්ත බිම් ප්‍රමාණයෙන් 50% ක නාය යෑමේ අවදානම්සහිත ප්‍රදේශ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසීය.

එම නිසා ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීමේදී භූමියේ තත්ත්වය පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු වුවත්, ජනතාව ‍ඒ පිළිබඳ උනන්දු නොවීම නාය යෑම් සුලබ වීමට හේතුවක් බව ඔහු සඳහන් කළේය . එබැවින් කඳුකර ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදුකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබා ගැනීම ඉතා වැදගත් වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!