මහනුවර ගසක් කඩා වැටී වාහන අටකට හානි. දෙදෙනෙක් රෝහල් ගතකරයි

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයට නුදුරුව ප්‍රධාන මාර්ගය අසල පිහිටි දැවැන්ත ගස් දෙකක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වාහන අටකට දැඩි ලෙස හානි සිදුවී ඇත.

අද පෙරවරු 11.00ට පමණ මහනුවර තිලක් රත්නායක මාවතේ පිහිටි දැවැන්ත ගස් දෙකක් ඇද වැටී මෙම අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ දෙදෙනා මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට ඇති අතර අනතුරින් වෑන්, කාර්, ත්‍රිරෝද,ලොරි ඇතුලු වාහන අටකට හානි සිදුව ඇත. වසර ගණනාවක් පැරණී මෙම ගස්වල මුල් දිරාපත් වී තිබුණු බව ප්‍රදේශවාසීන් පැවසූහ.

මහනුවර මූලස්ථාන පොලීසිය, නගරික ගිනි නිවේමේ ඒකකය, යුද හමුදාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය ඇතුලු ආයතන රැසක් එක්ව ගස ඉවත් කිරීමට පියවර ගත් අතර මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මාර්ගයේ වාහන ධාවනය අත්හිටුවා තිබිණි.

නදීක දයා බණ්ඩාර
මහනුවර සිට

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!