බොම්බයි මොටයි තහනම්

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක බොම්බයි මොටයි (cotton candy) විකිණීම තහනම් කර ඇත.

මෙම් තහනමට හේතුව මත භාගයේ සිදුකළ නියැදි පරීක්ෂාවකින් බොම්බයි මොටයි හී රොඩමයින්-බී නම් පිළිකා කාරක ද්‍රව්‍යක් අඩංගු බව තහවුරු වීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මේ මස මුලදී, ඉන්දියාවේ පුදුච්චෙරි ප්‍රදේශයේද බොම්බයි මොටයි විකිණීම සඳහා මෙම තහනම පනවා ඇති අතර මේ වන විට අනෙකුත් ඉන්දියාවේ ප්‍රාන්තද එම සාම්පල පරීක්ෂණ සඳහා යොමු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්ත වෙයි.

තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ආහාර සුරක්ෂිතතා නිලධාරියෙන් The Indian Express පුවත්පතට පවසා ඇත්තේ බොම්බයි මොටයිවල අඩංගු අපවිත්‍ර ද්‍රව්‍ය මඟින් පිළිකා ඇති කළ හැකි අතර එයින් ශරීරයේ සියලුම අවයවවලට බලපෑම් කළ හැකි බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!