බෙලිඅත්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු අත් අඩගුවට ගනී

බෙලිඅත්ත අධිවේග මාර්ග පිවිසුමේදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන, සමන් කුමාර නැමැත්තා අත් අඩංගුවට ගත්බව පොලිසිය පවසයි . ඊට අමතරව අපරාධය සදහා යොදාගත් අංක 65–2615 දරණ MITSUBISHI ජීප් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු වෙඩිතැබීම සිදුවෙන අවස්ථාවේ වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය මෙහෙයවා ඇතිබව පොලිසිය පවසයි .

මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!