”බෙලිඅත්තේදී මරාදැමූ සමන් පෙරේරාට රතන හිමිගෙන් මරණ තර්ජන තිබුනා”. වේදිනිගම හිමියෝ පවසති .

පසුගියදා පුද්ගලයන් පස් දෙනෙකු මරාදමමින් බෙලිඅත්ත අධිවේග මාර්ග පිවිසුම අසලදී සිදු වූ වෙඩි තැබීමේදී මිය, ගිය අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරාට, අතුරලිය රතන හිමියන්ගෙන් මරණ තිබූ බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ පවසති .

රතන හිමිගෙන් තමාට මරණ තර්ජන ඇතිබව මියගිය සමන් පෙරේරා තමන්වහන්සේට පැවසු බව වේදෙනිගම හිමියෝ වැඩි දුරටත් පවසති. උන්වහන්සේ මේ බව පැවසූවේ පසුගියදා සමාජ මාධ්‍ය නාලිකාවක පැවැති සාකච්ඡාවකදීය.

උන්වහන්සේ තවදුරටත් පවසා සිටියේ මියගිය සමන් පෙරේරා පාතාලයට සම්බන්ධ අයෙකු නොවන බවයි. මෙම ඝාතනය පිළිබඳ අතුරලිය රතන හිමියන්ට අදහස් ප්‍රකාශ කිරීමට වගකීමක් ඇතත් මේ වන තෙක් උන්වහන්සේ මෙම සිදුවීම පිළිබඳව කිසිදු ප්‍රකාශයක් ලබාදී නොමැති බව උන්වහන්සේ චෝදනා කළහ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදීම මාධ්‍යවේදී කීර්ති රත්නායක පැවසුවේ අපේ ජන බලවේගයෙහි නායක සමන් පෙරේරා යන අයද මත්ද්‍රව්‍ය බෙදා හැරීමට, පාතාලය හා සම්බන්, අයතා ලෙස මුදල් ඉපයීම මෙන්ම පුද්ගල ඝාතන සිද්ධි කිහිපයකට සම්බන්ධ පසුබිමක් සහිත පුද්ගලයකු ලෙස වාර්තා වන බවත් එම පසුබිමත් සමඟ ඔහු දේශපාලනයට පැමිණ ඇති බවත්ය.

සමන් පෙරේරා ඝාතන සිදුවීමට පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජී සම්බන්ධ බවට සැක සහිත බව වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!