බිපාර්ජෝයි සුළිකුණාටුව අද ඉන්දියාවට ඇතුල් වේ

බිපාර්ජෝයි සුළිකුණාටුව අද (15) දිනයේ දී ගුජරාට් වෙරළ තීරය සහ කුච් දිස්ත්‍රික්කය හරහා ඉන්දියාවට ඇතුළු වනු ඇති බවට ඉන්දීය කාලගුණ අංශ පුරෝකතනය කර ඇත.

එමෙන්ම සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 74,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව ද වාර්තා වේ.

සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් අද ඉන්දියාවේ ගුජරාට් වෙරළ ආශ්‍රිත ව සහ තවත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව ද, අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලින් තවදුරටත් ජනතාව ඉවත් කිරීම සඳහා ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 15 ක් සහන සේවා සඳහා යොදවා ඇතැයි ඉන්දීය ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *