බිත්තියකට යටවී පුද්ගලයෙකු මරුට ….

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටියදී එම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් පුද්ගලයින් දෙදෙනකුගේ ඇඟ මතට කඩා වැටී තිබේ.

මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුගත් මාරඹගේ නැමැති 45 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!