බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම . බස් ගාස්තු වැඩි කළ යුතුයි – බස් හිමියෝ

ඩීසල් මිල රුපියල් 10 කින් වැඩි කළ පමණින් බස් ගාස්තු වැඩි කිරීමට නෛතික ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම ප්‍රකාශ කරයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීතිරීති සහ ගිවිසුම් අනුව මේ අවස්ථාවේ ගාස්තු වැඩි කිරීමට හැකියාවක් නොමැති බවත්, මෙතෙක් කිසිවකු බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලීමක් කර නොමැති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර ඊයේ සහ පෙර පැවති ඉන්ධන මිල සංශෝධන සලකා බැලීමේදී පෞද්ගලික බස් සංගම් විසින් ඉන්ධන පිරිවැය මත දරණා පාඩුව රු. 22 ක් බවත්, එය දැරිය නොහැකි බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න පැවසීය. මේ අනුව ඉදිරි සති දෙක තුළ බස් ගාස්තු සංශෝදනයක් විය යුතුබව ඔහු අවධාරණය කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!