බංග්ලාදේශය සමග T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට….

මාර්තු මස ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20-20 තරගාවලියේ පළමු තරග දෙකේදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදීමේ වගකීම උපනායක චරිත අසලංක හට පැවරීමට නියමිත බව වාර්තාවේ.

ඒ ශ්‍රී ලංකා 20-20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් තරග දෙකක තහනමක් පනවා තිබීම හේතුවෙනි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය 21 වනදා පැවති තුන්වන T20 තරගයේ දී විනිසුරු ලින්ඩල් හැනිබල් ලබා දුන් තීන්දුවකට විරෝධය දැක්වීම නිසා ඔහුට මෙලෙස තරග තහනමක් පනවා ඇත.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20-20 තරගාවලිය ලබන මාර්තු මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!