පෝලන්තයේ Lot ගුවන් සේවය ශ්‍රි ලංකාව සමග ගුවන් ගමන් අරඹයි

පෝලන්තයේ Lot ගුවන් සේවය අද දින පෝලන්තයේ වෝසෝ නුවර සිට කොළඹ දක්වා නව ගුවන් ආරම්භ කළ බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම (AASL) පවසයි.

සමාරම්භක ගමන සනිටුහන් කරමින් Lot ගුවන් සේවයට අයත් බෝයිං-789 ඩ්‍රීම්ලයිනර් යානය දහවල් 12.30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පමිණියේය.
එම යානය මගින් සංචාරකයින් 282 දෙනෙකු ශ්‍රී ලංකාවර ගෙන ආ අතර මෙම මෙහෙයුම 2024 මාර්තු 29 දක්වා සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක කරනු ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!