පොහොට්ටු මන්ත්‍රීන්ට තහංචියක්

දේශපාලන විධායකයෙන් ලැබෙන ආරාධනාවලදී පක්ෂයේ නිල අවසරයකින් තොරව සාකච්ඡා වලට සහභාගි නොවන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එහි නායකත්වයෙන් නිල නොවන පණිවුඩයක් ලැබී තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිලධාරින්ට නිල වශයෙන් නොදන්වා එහි මන්ත්‍රිවරුන්ට ජනපතිවරයා සමග සාකච්ඡා වලට ඍජු ආරාධනයක් කිරිම ඊට හේතු වී ඇත. 

ඒ් අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නිල වශයෙන් කෙරෙන ආරාධනාවලට පමණක් සිය නියෝජිතයින් සම්බන්ධ කිරිමට එහි නායකයෝ තීරණය කර තිබේ. 

මාක් සිල්වා

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *