පොලිස් වෙඩි පහරින් ලොරි රියදුරු මරුට.

පොලිස් අණනොතකා ධාවනය කළ ලොරි රථයක රියදුරු අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් එම රථයේ රියදුරුට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්විය. මෙම සිද්ධිය සිදුව ඇත්තේ, නාරම්මල – දම්පැලස්ස ප්‍රදේශයේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!