පොලිස් නිලධාරියා පැදවූ මෝටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි

රිවස්ටන් මාතලේ මාර්ගයේ 29 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනතුරෙන් මෝටර් රථය අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර ඒ අවස්ථාවේ මෝටර් රථය තුළ පුද්ගලයින් 05 දෙනෙකු සිට ඇත.

මෝටර් රථය පදවා ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.

අනතුරෙන් මියගොස් ඇත්තේ එම නිලධාරියාගේ බිරිඳය.

අදාළ නිලධාරියා, ඔහුගේ දරුවා, බිරිඳගේ සහෝදරියක් සහ ඇයගේ දරුවා අනතුරෙන් තුවාල ලබා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *