පෙට්‍රල් ඩීසල් මිල ඉහළට. භූමිතෙල් පමණක් මිල අඩුවෙයි

වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවීමත් සමගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු. 20 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල මිල රු. 366ක් වෙයි .

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක මිල රු. 38 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 464 ක් වෙයි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 29 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 358 කි.

ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රු. 41 කින් ඉහළ දමා ඇති අතර එහි නව සිල්ලර මිල රු. 475 කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රු. 11 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු. 236 ක් වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!