පුටු අත්නොහරින ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදින ලකුණු

ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

නැගෙනහිර, උතුර, සබරගමුව හා වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත්, එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බවත් වාර්තා වේ.

එමෙන්ම, මෙම ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට ඉවත් කිරීම, වෙනත් පුද්ගලයින් ආණ්ඩුකාර ධූරයන්ට පත් කිරීම සහ ඉවත්වන්නැයි දැනුම් දෙන ලද ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන බව ද වැඩිදුරටත් අනාවරණය වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *