පුටින්ට එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර දක්වයි

යුක්‍රේනයෙන් නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද ආපරාධ සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.

සිය ජනාධිපතිට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉතාමත් සාහසික පියවරක් බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ළමා අයිතිවාසියකම් වෙනුවෙන් වන රුසියානු කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා එල්ලකර ඇති බවයි

රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය නොදරන බැවින් මෙම වරෙන්තුව ක්‍රියාවට නැංවිය නොහැකි බවත් නමුත් රුසියානු ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හැකියාව පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *