පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින්න. අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු අඟවයි

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හෙට හා අනිද්දා දින දෙක තුළ (28,29,01) ඉහළ යාමට හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් එළිමහන් ක්‍රීඩා පුහුණු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී ඇත.

සියළුම පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධව දැනුවත් කිරීම පිණිස අදාල උපදෙස් පළාත් හා කළාප අධ්‍යාපන බලධාරීන් ඇති යොමු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව සෑම පාසලකම අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවට මෙහිදී දැනුම් දී ඇත.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!