පාසල් පාවහන්වල තිළිණපත් වල කාලය දීර්ඝ කෙරේ…

පාසල් දරුවන්ට රජය විසින් ප්‍රධානය කළ පාසල් පාවහන් තිළිණපත් වල වලංගු කාලය දීර්ඝ කර ඇත. එම දීර්ඝ කිරීම සිදු කර ඇත්තේ, විදුහල්පතිවරුන් සහ මවුපියන් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව පාසල් පාවහන් තිළිණපත්වල වලංගුතාවය ලබන පළවනදා අවසන් වීමට නියමිතව තිබුණද එම කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!