පාසල් ආරම්භක දිනය කල් යයි

පාසල් නිවාඩුව ලබන 05 වැනිදා දක්වා දීර්ඝ වන බව අධ්‍යයන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කරනු ලබන්නේ පෙබරවාරි 05 වැනිදාය.

මෙම වෙනස් වීමට හේතුව උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්ණ පත්‍රය නැවත පැවැත්වීමය. අම්පාර ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙක් උසස් පෙළ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්ණ කිහිපයක් පිට කිරීම නිසා එම ප්‍රශ්ණ පත්‍රය අවලංගු කරනු ලැබීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!