පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයා මරුට.

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ. පානදුර පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම පුද්ගලයා ඊයේ (20) පස්වරුවේ මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදි ගිලී ඇති බව පොලිසිය පවසයි.

මෙම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ එම හෝටලයේ ජිවිතාකරක්ෂක නිලධාරීයා විසින් පුද්ගලයා ගොඩට ගෙන පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!