පළාත් පාලන ආයතන අධීක්ෂණයට විශේෂ කමිටුවක්

පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන විශේෂ කමිටුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිටුවන ලදී.

මෙම කමිටුව ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, (අමාත්‍යවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත්) පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජනය වන බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනි දා අවසන් වූ බැවින් එහි ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ස්ථාපිත කර ඇත.

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම,එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට හා සිදුකිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *