පන්නිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක්

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදනය කරන ආයතනයක් හා ඇඟලුම් කම්හලක් පවත්වාගෙන යන ස්ථානයක ගින්නක් හටගෙන ඇතිබව මහරගම පොලීසිය පැවසයි.

උදෑසන 7ට පමණ හට ගත් මෙම ගින්නෙන් ජීවිත හානි වාර්තා නොවන මුත් ඇඟැලුම් කම්හලෙහි ගබඩා කර තිබූ ලක්ෂ ගණනක් වටිනා ඇඟලුම් නිෂ්පාදන විනාශ වී ඇති බවත්, හඳුන්කූරු නිෂ්පාදන ආයතනය දෙසට ගින්න පැතිර නොතිබූ බවත් පොලීසිය තවදුරටත් පැවසීය.

ගින්න හටගැනීමත් සමඟ කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 02ක්, ජල බවුසර් 3ක්, කාර්‍යභාර නිලධාරී ඇතුලු ගිනි නිවන භටයින් දස දෙනෙක් ගින්න මැඩ පැවැත්වීම සඳහා එම ස්ථානයට පැමිණ ඇත.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!