නීති විරෝධීව විවාහ වූවායි ඉම්රාන් සහ බිරිඳට තවත් සිර දඬුවමක්.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිගේ විවාහය නීති විරෝධී බව තීරණය කරමින් එරට විශේෂ අධිකරණයක් තීන්දුවක් ඊයේ ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එම තීන්දුවට අනුව එම දෙපොළට වසර හතක සිර දඬුවමක් සහ ඩොලර් 18,000 දඩයක් නියම කර ඇත .

මෙම නඩුවට අදාල පැමිණිල්ල බුෂ්රා බිබීගේ පෙර සැමියා විසින් ගොනු කර ඇත . බුෂ්රා බිබි සමඟ ඉම්රාන් ඛාන් 2018 විවාහ වූ අතර, එම විවාහය ඉස්ලාම් විරෝධී සහ නීති විරෝධී බව ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටී.

බුෂ්රා බිබි තමන්ගෙන් දික්කසාද වී නියමිත කාලය ඉක්මවීමට පෙර ඉම්රාන් ඛාන් සමග විවාහ වු බවත් එම විවාහය ඉස්ලාම් විරෝධී බවත් ඔහු ඊට අදාල පැමිණිල්ල මගින් කියා තිබුනි. ඉස්ලාමීය නීතිය අනුව කාන්තාවකට තම සැමියා මියගිය පසු හෝ දිකසාද වූ පසු නැවත විවාහ වීමට යම් කාලයක් ගත විය යුතුය.

මෙම නඩුව සඳහා ඉම්රාන් ඛාන් දැනට සිරදඬුවම් විඳිමින් සිටින රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරය තුළ අධිකරණයක් පිහිටුවන ලදී. ඊයේ ලබාදුන් සිර දඩුවම සතියකට අඩු කාලයකදී ඉම්රාන් ඛාන්ට ලබාදුන් තුන්වන සිර දඬුවමයි.

අඟහරුවාදා, රහසිගත ලේඛන පිටතට ලබාදීම සම්බන්ධයෙන් ඔහුට වසර 10 ක සිරදඬුවමක් නියම විය. සෞදි රජ පවුලෙන් ලද ත්‍යාග අලවි කිරිම සම්බන්ධව වු නඩුවෙන්ද ඔහුට දඬුවම් නියමවිය.

ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය මෙම අධිකරණ තීන්දු ප්‍රතික්ෂේප කරනා අතර ඒවා මුලුමනින්ම දේශපාලන අවශ්‍යතවයන් මත ගන්නා ලද ඒවා බව පවසා සිටී. 71 හැවිරිදි ඉම්රාන් ඛාන් ද මෙම නඩු තීන්දු දේශපාලනික ඒවා බව පවස ඇත.

ඉම්රාන් ඛාන් 1995 දී බ්‍රිතාන්‍ය ජාතික ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟ විවාහ වූ අතර එම විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනක් සිටී. ඉන් අනතුරුව මාධ්‍යවේදිනියක සහ හිටපු බීබීසී කාලගුණ නිවේදක රෙහාම් ඛාන් සමඟ 2015 දී දෙවන විවාහය වූ අතර එම විවාහය කඩිනමින් බිඳ වැටුනි. ඔහු බුෂ්රා බිබී සමග 2018 දී නැවත විවාහ විය.

ඉම්රාන් ඛාන් පාකිස්ථානයට ලෝක ශූරතව දිනාදීමට සමත් වූ නායකයාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!