නිල් තල්මසුන් නිසා ලංකාවේ වරාය සතු වටිනකම ඉවත් වෙයි

ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15ක් දුරස් කරන ලෙසට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය යෝජනා කර ඇත. මෙම යෝජනවට හේතුව නිල් තල්මසුන්ගේ ආරක්ෂාව සැලසීම බව එම සංවිධානය පවසයි.

එම මසුන් බහුලව ගැවසෙන සමුද්‍ර කළාපය ඔස්සේ ජාත්‍යන්තර නාවික මාර්ගය වැටී තිබීම වාර්ෂිකව විශාල නිල් තලමසුන් ප්‍රමාණයක් අනතුරට පත්වන බව පරිසර වේදීහු කලක සිට පෙන්වාදෙති.

කෙසේවෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ හම්බන්තොට ඇතුළු වරාය බරපතල අර්බුදයකට මුහුණ දිය හැකි බැවින් ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. ලබන මාසයේ එක්සත් රාජධානියේ පැවැත්වෙන එම සංවිධානයේ 80 වන සැසිවාරයේ න්‍යය පත්‍රයෙන් එම යෝජනාව ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව දැනටමත් ඉල්ලීමක් කොට ඇති බවද දැනගන්නට ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *