නිලන්තට සහ දේශබන්දු ට පොලිස්පති කම දෙන්න එපා. කාදිනල් හිමිගෙන් ජනපතිට ලිපියක්

පුරප්පාඩුවක්ව පවතින පොලිස්පති ධුරය සඳහා සී.ඩී වික්‍රමරත්නගේ විශ්‍රාම යාමෙන් පසුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන අය සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස ඉල්ලමින් කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ඔවුන් අසමත් වීම සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව තුළ ඔවුන් කෙරෙහි දැඩි කලකිරීමක් පවතින බව ද එම ලිපිය මගින් කාදිනල් ඉම වැඩිදුරටත් සදහන් කර ඇත.

බුද්ධි අංශය ප්‍රධානී ලෙස එවකට සිටි නිලන්ත ජයවර්ධන මහතා අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බවත්, දේශබන්දු තෙන්නකෝන් මහතා අදාල තොරතුරු දැනගත් පසු ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන පණිවුඩකරුවකු ලෙස කටයුතු කර ඇති බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම වාර්තා අනුව අනාවරණය වී ඇතැයිද කාදිනල් හිමිපාණෝ සිය ලිපියෙහි සදහන් කර තිබෙන බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *