නිදහස් සැමරුම වෙනුවෙන් දුම්රිය ධාවනයත් වෙනස් වෙයි.

හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයේ වෙනසක් සිදුවෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි .

එම සැළසුමට අනුව හෙට 05.00 සිට පෙරවරු 09.00 දක්වා පෙරවරු ධාවනය කරනා දුම්රිය මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට (04) පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!