නාවික හමුදාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික කටයුතු පිළිබඳ ගිවිසුමක්

එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැළැක්වීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමට නියමිතය.

අදාල නියාමන ආයතන කිහිපයක අනුමැතිය හිමිවීමෙන් පසු මෙම ගිවිසුම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මේ වනවිට හිමිව ඇතිබව වාර්තා වේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුම් කෙටුම්පත පරීක්ෂා කර ඇත . ඊට අමතරව එහි නෛතික පසුබිම අධ්‍යනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින්ද ගිවිසුම සඳහා සිය අනුමැතිය ලබාදී ඇත.

යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!