නාරම්මල වෙඩිතැබීම විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්..

පොලිස් අණනොතකා ධාවනය කළ ලොරි රථයක රියදුරු අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එම රථයේ රියදුරුට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්විය. මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රි කාලයේ නාරම්මල – දම්පලස්ස ප්‍රදේශයේදීය.

මෙහිදී අදාල පොලිස් නිලධාරියා අත්තනෝමතිකව ක්‍රියාකර ඇත්දැයි සොයා බැලීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් යොදවා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, 41 හැවිරිදි තිදරු පියෙක්.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!