නව සන්ධානය සිය මුල්ම රැළිය අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා විසින් සංවිධනය කළ “නව සන්ධානය” දේශපාලන පක්ෂය අද එහි පළමු ජනරැළිය පැවැත්වූයේය. ජාඇල නගර මධ්‍යයේ පැවති එම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු ආරාධිතයන් රැසක් එක්විය.

නවතම දේශපාලන අරමුණක් වෙනුවෙන් පිහිටවාගෙන ඇති මෙම සන්ධානය එළබෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සහය පලකිරිමට නියමිතය. එම සන්ධානය මේවන විටත් දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්චා පවාත්වා ඇති අතර ඉදිරි සති කිහිපය තුළ එම පක්ස සමග සන්ධාන ගතවීමට අවශ්‍ය නෛතික එකඟතාවයන් සම්පූර්ණ කරනු ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලනිපය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධාන ගතවීම සඳහා සාකච්චා ඇරඹීමට නියමිත බව වාර්තා වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!