නව වසරේ පළමු පැනිල්ල ෂාන් විජයලාල්ගෙන්

ශ්‍රී ල.නි.ප ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය පවා හොබවා ඇති ඔහු ශ්‍රි ල.නි.ප යේ ජ්‍යේෂට සාමාජිකයෙකි. අද පෙරවරුවේ ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවි සමගි ජන බලවෙගයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!