නයන වාසලතිලක පාර්ලිමේන්තුවට . ස.ජ.බ තවත් අර්බුදයකට.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගයේ හපුතලේ ආසන සංවිධායක නයන වාසලතිලක පත් කිරීමට නියමිත බව වාර්තාවීමත් සමග එම පක්ෂය තුළ මතුවෙමින් පවාතින අර්බුදය තවත් උග්‍රවන ලකුණු මතුව තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයෙක් වන නයන වාසලතිලක සමගි ජනබලවේගයේ ප්‍රධාන අරමුදල් සම්පාදකයන් අතරින් කෙනෙකි. එමෙන්ම ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉතා සමීපතමයෙක්ද වෙයි. විපක්ෂ නායකවරයා මෑතක සිට සමිප හිතවතුන් කිහිපදෙනෙකු සමග පමණක් කටයුතු කිරීම නිසා ඉදිරි මැතිවරණවයකදී ඔහුගේ වැඩි සහය නයන වාසලතිලකට යොමුවනු ඇතැයි දැනට ඌව පලාත නියෝජනය කරනා සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් අතර නොසන්සුන් තාවයක් හටගෙන ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමට මෙන්ම වඩිවේල් සුරේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකර පක්ෂය හැර යාමටද හේතුව විපක්ෂ නායකවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ කටයුතුවලදී නයන වාසලතිලක ගැන පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම බව එම ආරංචි මාර්ග පවසයි.

චමින්ද විජේසිරි පක්ෂයෙන් එලවාගැනීමට ඩිලාන් පෙරේරාට බදුල්ල දිස්ත්‍රික් නයකත්වය ලබාදුන්නද ඉදිරියේදී එය ස්ථිර ලෙසම නයන වාසලතිලකට ලබාදෙනු ඇතිබව පක්ෂ ආරංචි මාරග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!