ධම්මික ලෙෆ්ට්, පොහොට්ටුවේ සහය රනිල්ට.

එළබෙන ජනධිපතිවරණයේදී පොදුජන පෙරමුණ තම පක්සයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ප්‍රක‍ට ව්‍යාපාරික ධම්මික පෙරේරාද මේ වන විටත් සිය ප්‍රචාරක කටයුතු අරඹා ඇතත් ඔහුට පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය දිනාගැනීමට නොහැකිව ඇත. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා කළහොත් පොහොට්ටුවෙන් කොටසක් ස්ථිර ලෙසම නිමල් ලංසාගේ ”නව සන්ධානය” සමග එක්ව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සහය පලකරනු ඇත.

එසේ වුවහොත් ස්ථිර ලෙසම පොදුජන පෙරමුණේ විනාශව යනු ඇති බවත්, එමගින් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය නිමාවනු ඇති බවත් පක්ෂයේ ජ්‍යේෂ්ට සාමාජිකයෝ නාමල් රාජපක්ස මන්ත්‍රීවරයාට පෙන්වා දී ඇත. ඒ සමගම ඔහු ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම අත හැර දමා ඇති බව වාර්තා වේ.

ධම්මික පෙරේරා ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂගේ උවමනාවට අනුව බව ජනතාව විශ්වාස කරනා බැවින් කිසිලෙසකත් ඔහුට පොහොට්ටුවේ බහුතර සහය දිනා ගැනීමට නොහැකිවනු ඇතිබවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේද මතය බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!