දේශබන්ධූ වැඩ බලන පොලිස්පති කිරීම පාස්කු වින්දිතයන්ට කළ ලොකුම අවමානයයි.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරිම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කතෝලික සභාව මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් අවධාරණය කළේය.

එහිදි අදහස් දක්වූ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසා සිටියේ වැඩබලන පොලිස්පත්වරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් ය. වැඩි දුරටත් අදහස් දක්වමින් පියතුමන් අවධාරණය කළේ මෙම පත්කිරීම පාස්කු වින්දිතයන්ට කළ විශාලම අවමානය ලෙසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!