දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණේ

බෞද්ධාගමට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මීට සුළු මොහොතකට පෙර පැමිණි බව වාර්තාවේ.

ආගමික නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් ඔහු විසින් සිදුකරන ලද ප්‍රාකාශය සම්බන්ධව අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ පැමිණ් ඇත.

ආන්දෝළනාත්මක ප්‍රකශයකින් පසු විදෙස් ගත වූ ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් නිකුත්කර තිබුනි. පසුව දේවගැනිවරයා විසින් ඉදිටිපත්කළ රිට් පෙත්සම සළකා බැලූ අභියාචනා අධිකරණය ඔහු අත් අඩංගුවට නොගන්න ලෙස නියෝගයක් නිකුත්කරනා ලද අතර, දිවයිනට පැමිණ පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට නියෝග කරනා ලදි.

එකී නියෝගයට අනුව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දේවගැතිවරයාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!