දෙවියන්ට සල්ලි පුදන ගොන්වැඩ දැන්වත් නතර කරපල්ලා
වනවාසි රාහුල හිමියෝ බැතිමතුන්ට කියති

කපුවන්ට සුරසැප විඳිමට ⁣රට පුරා විවිධ දේවාලවලට සල්ලි හා රත්තරන් පිදීම නතර කර ඒ මුදල් දුප්පත් දරුවන්ට බෙදා දීමට බැතිමතුන් දැන්වත් කල්පනා කළයුතුව ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියො පවසති.

දෙවියන්ගේ පිහිට පතා කපුවන්ට මුදල් පිදිමෙන් සිදුවන්නේ කපුවන් පොහොසත්වීම පමණක් යැයිද උන් වහන්සේ කියති. දෙවියන්ට සල්ලී පිදිමේ ගොන් වැඩ නතර කිරිමට දැන් කාලය එළැඹ ඇතැයිද උන් වහන්සේ අවධාරණය කරති.

මේ පිළිබදව අදහස් දක්වමින් වනවාසි රාහුල හිමියෝ මෙසේද පවසති.

”කතරගම මහ දේවාලයේ මාසයක ආදායම රුපියල් කෝටි පහක් පමණ යැයි බස්නායක නිලමේවරයා පවසා තිබුණා.ඒ මුදල් යන්නේ කපුවන්ගේ සාක්කුවලට.රත්තරන් බඩුත් කපුවන් ගෙනයනවා කියලා කපුවෝම කිව්වා.දැන් කතරගම දේවාලයට පුජාකරපු රන් තැටියක් අතුරුදන් වි තිබෙනවා.

මේ හෙළිවුයේ කතරගම දේවාලයේ වංචා පමණයි.රටපුරාම දේවාලවල මේ වගේ වංචා සිදුවෙනවා.නවගමුවේ පත්තිනි දේවාලයෙත් සල්ලි වංචා හෙළිවිම නිසා කැටවලට සීල් තැබුවා.

බැතිමතුන් දෙවියන්ට පුජාකරන සල්ලි හා රත්තරන් බඩු වලට සිදුවන දේ කවුරුවත් දන්නේ නැහැ.මේ අන්දමින් මහජන මුදල් වංචා සහගත ලෙස පිල්ලි ගැසීම වළක්වන්න විධිමත් පිළිවෙළක් ඔිනේ.බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ලා නිදිමරගාතේ වගේ ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.බලධාරින් මර නින්දේ ඉන්නකොට කපුවෝ හොඳහැටි ජාවාර⁣ම් කරනවා.

මේ නැතිබංගස්තාන කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මිනිස්සුත් දෙවියෝ පස්සේ ගිහින් සල්ලි මිටි ගණන් පුදනවා.මේ ක්‍රමය නැතිකරන්න ඔිනේ.දෙවියන්ට පින් දුන්නාම ඇති . සල්ලි වැඩිනම් දුප්පත් ළමයින්ට අඩුගානේ කන්න ටිකක් අරන් දෙන්නවත් වැයකරනවානම් ලොකු දෙයක්”…’ වනවාසි රාහුල හිමියෝ කීහ.

කපුවන්ගේ වංචා ගැන හොරකම් ගැන මාධ්‍යයෙනුත් දවසයි දෙකයි කතාකරන්නේ.ඊට පස්සේ හැමෝටම ඔක්කෝම අමතකයි.ආපහු කපුවෝ හොරකම දිගටම කරගෙන යනවා.ඒ නිසා මේ දේවාලවල හොරකම් වළක්වන්න වැඩපිළිවෙළක් යොදනවා වගේම බැතිමතුනුත් දෙවියන්ට සල්ලි පුදන ගොන්වැඩ දැන්වත් නතර කළයුතු යැයිද උන් වහන්සේ කීහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!