දෙවන T20 තරගයේ ජය සිම්බාබ්වේට..

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද(16) කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර මෙම තරගයේ ජය හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ නායක සිකන්දර් රාසා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 173ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක පන්දු 39කදී ලකුණු 69ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පන්දු 51ක් තුළ ලකුණු 66ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 174ක ඉලක්කයක් හබායෑමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 6ක් දැවී ලකුණු 178ක් රැස්කර ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රේග් එර්වින් පන්දු 54කදී ලකුණු 70ක් රැස්කර ගැනීමට සමත් විය .

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුළු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ තරග 1- 1ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවේ. තරගය අවසාන විමෙන් පසු ක්‍රීඩා ලෝලීන් කළකකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!