දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං අතරට තුන්වැන්නෙක්…..

බොලිවුඩ් සිනමාවේ තාරකා යුවලක් වන රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යුවලකි . මේ දිනවල ඔවුන් සම්බන්ධ කටකතා බොහොමයක් බොලිවුඩය පුරා පැතිර යමින් ඇති බව වාර්තා වේ.

ඒ අතර දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ, පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවට පලවන පුවතක්ද වෙයි . මේ සම්බන්ධව ඔවුන් මෙතෙක් අදහසක් දක්වා නොමැත.

කෙසේ නමුත් මේ වසරේ ජනවාරි මාසයේ දී Vogue Singapore, සමඟ පැවති සාකච්ඡාවකදී ඇයට ප්‍රශ්නයක් යොමු කරමින් අසා ඇත්තේ, “මවක් වීම ඇය අපේක්ෂා කරන දෙයක්ද” යන්නයි. ඊට පිළිතුරු ලෙස ඇය, “Absolutely. Ranveer and I love children. We look forward to the day when we will start our own family” යනුවෙන් සදහන් කර ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රන්වීර් සහ දීපිකා සිය පස්වන විවාහ සංවත්සරය බෙල්ජියමේ දී සමරනු ලැබීය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!