දිමුත් කරුණාරත්න ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉවත් වෙයි

නවසීලන්තයේ වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පිල හමුවේ ඉනිමක සහ ලකුණු 53 ක දැවැන්ත පරාජයක් ලැබීය.

දෙපිල අතර වූ පළමු ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා පිල පරාජයට පත් විය. තරග දෙකකින් යුක්තවූ ටෙස්ට් තරගාවලිය 2 – 0 ක් ලෙසින් නවසීලන්තය ජය ලැබූවේය.

තරග පරජයෙන් පසු මාධ්‍ය සාකච්චාවකට එක්වූ ශ්‍රි ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පවසූවේ එලබෙන අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසු තමා ශ්‍රී ලංකා පිලේ නයකත්වයෙන් ඉවත් වන බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *