දිනේෂ් ෂාෆ්ටර් යළි ගොඩගනී

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතු සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍ය බව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ලිඛිතව දනුම් දී අති බව වාර්තාවේ .

එහිදී ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත පෙන්වා දී ඇත්තේ මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවය.

මේ අනුව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය එම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා නියෝගයක් කිරීම සඳහා නඩුව නැවත කැඳවීමට අධිකරණය දින නියම කරනු ඇත

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *