දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථාන අහිමිවෙයි…

අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදි ශ්‍රීලංකා පිලේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හිටපු නායක දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ . දසුන් සහ අවිශ්ක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක නුවනිදු ප්‍රනාන්දුට හෝ ෂෙවෝන් ඩැනියෙල්ට අද දිනයේ අවස්ථව හිමිවීමට ඉඩ ඇතිබව වාර්ථාවේ.

ඩෙංගු උණ වැළඳිම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වූ පැතුම් නිශ්ශංක මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇතත් සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත T20 තරඟාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය තවමත් අවිනිස්චිතය. එසේ වුවහොත් එම අවස්ථාව ෂෙවෝන් ඩැනියෙල්ට හිමිවීමට ඉඩ ඇත.

අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක එකක් වන අතර තරගාවලියේ ජයග්‍රාහණය සඳහා එම තරගය ජය පරදුමකින් තොරව නිමවීම පවා ද්‍රී ලංකවට ප්‍රමානවත් ය. එහෙත් දැනටමත් 1-0 කෙසින් පසුපසින් පසුවන සිම්බාබ්වේ පිලට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වෙයි.

කෙසේ වෙතත් අද ක්‍රීඩාකරනා කණ්ඩායම තවමත් නම්කර නැතත් අවසන් එක්දින තරගය සඳහා සංචිතයේ යම් යම් වෙනස්කම් සිදු කරන බව ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග තහවුරු කර තිබේ. මෙම තරගය නොමිලේ නැරඹීමට මෙරට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථව හිමිකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය කටයුතු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!