දරුවා ලවා දුරකථන ඉස්සූ මවට වැඩ වරදී.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගෙන් දුරකථන තම 7 හැවිරිදි දරුවා ලවා සොරකම් කරන මවක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ දරුවා පවසා ඇත්තේ, ජංගම දුරකථන රැගෙන එන ලෙසට මව පවසා ඇති බවත්, එසේ සිදු නොකළහොත් තමන්ට පහර පිට පහර ලබා දෙන බවත්ය. එමෙන්ම රැගෙන එන ජංගම දුරකථන තම මව විසින් පියාට ලබා දෙන බවද දරුවා පවසා ඇත.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවෙකුගේ මවගේ අතේ තිබූ රුපියල් 40,000ක් පමණ වටිනා දුරකථනයක් රැගෙන පලා ගොස් තිබෙන බවට ද පැමිණිලි ලැබී ඇත.

සැකකාර මව ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!