දයා රත්නායක පක්ෂයට ගත්තාට ෆොන්සේකාට කේන්ති යයි

මීට දින කිහිපයකට පෙර සමගි ජන බලවේගයට එක්වූ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක වහා පක්ෂයෙන් ඉවත් කරන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂ සරත් ෆොන්සේකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියි . එසේ නොවුවහොත් පක්ෂයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ඔහු පවසයි.

මෙම තත්ත්වය කණගාටු දායක බවත් තමා පක්ෂය හැර නොයන නමුත් එම පත්වීමට එරෙහිව කටයුතු කරනා බවත් ඔහු පැවසීය .

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ SJB තුළ නවකයන්ට නවාතැන් දෙන ආකාරය පිළිබඳව පක්ෂයේ අනෙක් අයද කලකිරී සිටින බවයි.

ජෙනරාල් දයා රත්නායක යනු SJB විසින් පිළිගත යුතු පුද්ගලයෙක් නොවන බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවා පිළිගෙන ඇති බව ඔහු පවසයි..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!