දඹුළු ලෙන් විහාරයේ සිතුවම් වැස්සෙන් විනාශවෙයි

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ඓතිහාසික දඹුලු ලෙන් විහාරයේ සිතුවම් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ.

වර්ග අඩි 20000 කට ආසන්න ප්‍රමාණයක ඇති සිතුවම් වලින් සමන්විත දඹුළු ලෙන ආසියවෙ දිගම ලෙන ලෙස සැලකේ. එහි සිතුවම් සහ ප්‍රතිමා රැසක් ඇති අතර වර්ෂා අධික කාළගුණය නිසා ආර්ධතාවය ඉහළ යාම නිසා සිතුවම් ගැලවීයාමට පටන්ගෙන ඇති බව වාර්තාවේ.

මධ්‍යම සාස්කෘතික අරමුදල විසින් මේ තත්ත්වය අධ්‍යනය කරමින් සිටිනා බවත්, සිතුවම් සංරක්ෂණයට කඩිනම් පියවර ගනිමි සිටිනා බවත් එහි නිළධාරියෙක් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!