තුන්වන චාර්ල්ස් රජුට පිළිකාවක් වැළඳේ

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය පවසයි.

එම පිළිකා කුමක්දැයි අනාවරණය වී නොමැත. නමුත් රජු මෑතකදී පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමේදී මෙම පිළිකා තත්ත්වය තහවුරු කරගෙන ඇති බව වාර්තා වෙයි .

රජු සිය රෝගී තත්ත්වයට ඊයේ සිට “නිත්‍ය ප්‍රතිකාර” ආරම්භ කළ අතර ප්‍රතිකාර අතරතුර මහජන රාජකාරි කල් දමන බව බකිංහැම් මාළිගය පවසයි .

75 හැවිරිදි රජු, “ඔහුගේ ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට ආපසු යාමට බලාපොරොත්තු වේ,” යනුවෙන් මාළිගය නිකුත්කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි .

චාර්ල්ස් රජු වේල්ස් කුමරුව සිටියදී පිළිකා සම්බන්ධ පුණ්‍යායතන රැසක අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් තම පිළිකා ප්‍රතිකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තීරණය කළ බව බකිංහැම් මාළිගය නිකුත්කල නිවේදනයේ දැක්වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!