”තව දවසක් දෙකක් වර්ජනය කරන්න” බස් හිමියෝ දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලති

අදට නියමිත වර්ජනයේ අරමුණ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම අහිමි කිරීම බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. අද දිනයේ දුම්රිය වර්ජනය කරන්නේ නම් අතිරේක බස් රථ පවා ධාවනයට එක් කර ජනතාවට ගමන් පහසුව ලබාදීමට තමන් කටයුතු කරනා බව ඔහු පැවසීය.

“පෞද්ගලික බස් රථ හෙට දිනයේ සුපුරුදු පරිදි ධාවනය කරනවා. වෘත්තීය සංගම් කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජන කරනවා රට අඩපණ කරන්න . අපි මේ ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම වර්ජන හරහා කරන්න යන්නේ IMF වැඩසටහන කඩාකප්පල් කරන්න. දුම්රිය වර්ජනයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. අපි කියනවා..තව දින කිහිපයක්ම වර්ජනය කරන්න. ඒක අපිට හොඳයි. අතිරේක බස් රථත් අපි යොදවනවා. ලංකාව පුරාම අපේ බස් රථ 13,000ක් 15,000ක ප්‍රමාණයක් හෙට දිනයේ ධාවනය කරනවා.” ගැමුණු විජේරත්න පැවසීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *